Skip to main content

Posts

බෙදුම්වාදයට එරෙහිව මන්නාරමදී නිදහස සමරයි.

Recent posts

මන්නාරම දී කේරල ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට

අද දින (28) දහවල් 1200 පමණ යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමග එක්ව සිදුකල ඒකාබද්ධ වැටලීමකදී  මන්නාරම පේසාලේ ප්‍රදේශයේ සෙල්වරත්නම් සෙල්වානන්දනී (63) නමැති කාන්තාව කේරල ගංජා කිලෝ 1 ග්රෑම් 30 ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව බොහෝ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවත්, අත්අඩංගුවට ගත් ගංජා හා සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇතිබව දැනගැනීමට ලැබී ඇත.

කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට අධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය හා කයිට්ස් පොලිසිය එක්ව, යාපනය කයිට්ස් දූපතේ නරන්තනේ ප්‍රදේශයේ සිදුකළ  ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කර ඇත. එහිදී එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් දෙකක අසුරන ලද කේරළ ගංජා කිලෝ 03 යි ග්‍රෑම් 592 පමණ තොගයක් සමඟ එම සැකකරුවන් දෙදෙනා සහ යතුරු පැදිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියනයකට අධික වෙතැයි විශ්වාස කෙරේ. තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ක් හා 34 ක් වන මන්නාරම සහ කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා, කේරළ ගංජා කිලෝ 03 යි ග්‍රෑම් 592 පමණ තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

කෝටි 27ක අධික වටිනාකමක් යුතු කුඩු මාට්ටු

  රේගු නිලධාරීන්ට "තුවා" (තුවාය) ලෙස පෙන්නා විසි හතක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පකිස්තානයේ සිට කටුනායක තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත කෝටි එවා ගුවන් භාණ්ඩ ප්‍රචාරක අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් සිටී. තිබේ . පකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08 ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය අවසන් වූ 10 වැනි දින ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ භාණ්ඩ පර්යන්තය වෙත ළඟා විය. මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වෙත එවා ලැබීමයි. මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබේ. මෙම ගුවන් භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 500 ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

කුඩු සළිදුට, හරක් කටාට CID එක සැහැල්ලු ආහාර දෙන්නේ නෑ

     අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්කුඩු ජාවාරමේ යෙදුණු කුඩු සළිඳු සහ හරක් කටා ඇතුළු තිදෙනකුට සැහැල්ලු ආහාර ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව අධිකරණයට වාර්තා කළේය. පසුගිය දා අධිකරණය ලබාදුන් නියෝග අනුව අදාළ සැකකරුවන් වෙත සැහැල්ලු ආහාර ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කටයුතු නොකරන බව නීතිඥ ඉවෝන් නිරාශා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ ඊයේ (09) දැනුම් දෙනු ලැබීය. විදේශගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිරවන ලෙස කටයුතු කළ බවට රඳවා ප්‍රශ්න කරමින් සිටින සැකකරුවන්ට අධිකරණ නියෝග ප්‍රකාරව කෙටි ආහාර ලබා නොදෙන බවත් ඔවුන්ව හමුවීමට ලබාදුන් මිනිත්තු 30ක කාලය ලබානොදෙන බවත් මෝසමක් ගොනුකරමින් නීතිඥවරිය කියාසිටියාය. එහිදී මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ ඉදිරි දින නිරීක්ෂණ සඳහා ගිය පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

KG සමග දෙදනකු මාට්ටු

KG  සමඟ මාට්ටු දිගු කලක සිට යතුරු පැදියකින් කේරළ ගංජා ජාවාරමේ යෙදුනු අඹුසැමි යුවලක් කේරළ ගංජා කිලෝ එකොලහකට ආසන්න ප්‍රමාණයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි. 2023.11.11 වන දින ත්‍රිකුණාමලය පොලිස් වසමේ NC පාර, ති‍්‍රකඩලූර් ප‍්‍රදේශයේ දී වැටලීමක් සිදු කරන ලදී. එහි දී කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 610 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක කාන්තාවක් සහ අවුරුදු 43 ක් වන පිරිමි ළමයා එම යතුරු පැදිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පාතාල ක්‍රියාකාරකම්

  ඩුබායි පාතාල කුක්කන් දැඩි අර්බුධයක  මෙරට ආරක්ෂක අංශ විසින්රක් හකටා හා ගනේමුල්ලේ සංජීව යන පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන්ගේ රැකවරණය මත ඩුබායිහි සැඟවී සිටි ඔවුන්ගේ ගෝලබාලයින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව දැනගැනීමට ලැබී ඇත. මේ වන විට ඔවුන් විසින් මෙහෙයවන ලද කප්පම් කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාලය බිඳවැටීම මත ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී ඩුබායි රාජ්‍යයේ රැදී සිටීමට වියදම් කිරීමට පවා මුදල් නොමැති තත්වයක් උදා වී ඇති අතර ඩුබායිහි ඔවුන් රැඳී සිටින නිවසේ කුලිය පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින බවද හෙළිවී තිබේ. මෙම තත්ත්වය මත හොර රහසේ මෙම පාතාල සාමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දරමින් සිටින  බව ද  හෙළි  වී  ඇත.